Gossips

බස් රථයක ගැටී කාන්තාවක් මරුට (ඡායාරූප)

නෝර්වුඩ් ගෝර්ති වත්ත ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඊයේ සවස හැටන් සිට මස්කෙළිය දක්වා ධාවනය වූ බස් රථයක ගැටීමෙන් ඇය මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගිය කාන්තාව මානසික ආබාධයකින් පෙළෙන අයෙක් බව ද සඳහන්.
මෙම කාන්තාව කිසියම් පිරිසක් විසින් දින කිහිපයකට පෙර මස්කෙළිය ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඇයගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මෘත ශරීරය නාවලපිටිය රෝහලට යොමුකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ, චන්දන ජයවීර