Gossips

බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙක් මරුට

හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් අවුරුදු 72 ක පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද අලුයම 4.45 ට පමණ මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ මෙම පුද්ගලයා කොට්ටාව දෙස සිට හෝමාගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි අනතුරට ලක්වී ඇත්තේ.
බරපතල තුවාල ලැබූ ඔහු හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්ව තිබෙනවා.
බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අනතුර සිදුවන ආකාරය ඒ ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම්හලක සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබුනා.