Gossips

බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මරුට

හලාවත ඉනිගොඩවෙල ප්‍රදේශයේදී බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද අලුයම 2.15 ට පමණ මඩු දේවස්ථානය බලා යමින් සිටි බස් රථයකින් මෙම පුද්ගලයා ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්. වන්දනා නඩයක් සමගින් මඩු දේවස්ථානය බලා යමින් සිටි මෙම පුද්ගලයා බස් රථයේ පා පුවරුවේ ගමන් කරමින් සිටියදී ඇද වැටී ඇතැයි සඳහන්.
එහිදී තුවාල ලැබු ඔහු හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඔහුගේ තත්වය බරපතල වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර රෝහලට රැගෙන එන අතරවාරයේ මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා හලාවත පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.