Gossips

බස් රථයක් හා ත්‍රි රෝද රථයක් එකිනෙක ගැටී ගිනි ගනී (ඡායාරූප)

අම්බලන්තොට සිසිලගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ත්‍රි රෝද රථයක එකිනෙක ගැටීමෙන් අද (16) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බස් රථය සහ ත්‍රි රෝද ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට ලක්වූ ත්‍රි රෝද ර‍ථයේ ගමන් ගත් මාස 09 ක් වයසැති බිලිදියක් ඇතුළු සිව්දෙනෙක් පිලිස්සුම් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් සියලුදෙනා හසලක 7 ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
බස් රථය කොළඹ සිට කතරගම බලා ධාවනය වී ඇති අතර හම්බන්තොට දෙස සිට පැමිණි ත්‍රි රෝද රථය එක්වරම ප්‍රධාන මාර්ගයට පැමිණිම හේතුවෙන් මේ අනතුර සිදුවී ඇති බවයි මූලික පරීක්ෂණ වලින් හෙලි වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.