මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.
අද(31) උදෑසන සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි එක්දරු පියෙක්.
පෞද්ගලික බස් රථය ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදියේ ගැටී ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
බස් රථයේ රියදුරු පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර එරාවුර් පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසළ සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.