Gossips

බස් රථයක් පෙරළී දක්ෂිණ අධිවේගයේ අනතුරක් (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 91 වන සැතපුම් කණුව අසළ දී බස් රථයක් පෙරළී යාමෙන් අද (28) උදෑසන සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඇල්පිටියේ සිට කතරගම බලා වන්දනා ගමනක නිරතව සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.
සිද්ධිය වන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 17 දෙනෙකු සිට ඇති අතර ඉන් තුවාල ලැබූ 10 දෙනෙකු බද්දේගම රෝහලට සහ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.