Gossips

බස් රථයක් පිටුපසට ධාවනය වී සිදුවූ අනතුරකින් 5ක් රෝහලේ

බණ්ඩාරවෙල ධර්මවිජය මාවත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකුතුවාල ලබා තිබෙනවා.
බෑවුම් සහිත මාර්ගයකදී කාර්මික දෝශයක් හේතුවෙන් බස් රථයක් පිටුපසට ගමන් කර නවතා තිබූ ත්‍රී රෝද රථ 3 ක සහ ටිපර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවි ඇත්තේ.
එහිදී ත්‍රී රෝද රථවල සිටි 4 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරා තුවාල ලැබුවා.
තුවාලකරුවන්ගෙන් අයෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් වාහනවලට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරවෙල පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.
මෙම අනතුර සිදුවන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක ද සටහන් වී තිබුනා.