Gossips

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 9 දෙනෙකුට තුවාල (ඡායාරූප)

හැටන් ලෙදන්ටි වතුයායේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද පස්වරු 3.30 ට පමණ වතුයායේ කෝවිලක පැවති උත්සවයකට සහභාගී වීමට ගිය වතු යායේම කම්කරුවන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
තුවාල ලැබුවන් අතර කුඩා ළමුන් 5 දෙනෙකු ද වන බව සඳහන්.
වතු යායේ මාර්ගයක ධාවනය වෙමින් තිබු බස් රථය ලිස්සා ගොස් ප්‍රපාතයට පෙරලී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.


ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ