Gossips

බස් රථයකට සහ ගසකට සිරවී තරුණයෙකු ජීවිතක්ෂයට

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
බස් රථයක පා පුවරුවේ ගමන් ගත් තරුණයෙක් බස් රථයට සහ ගසකට සිරවීමෙන් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
ඊයේ (26) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි අයෙක්.
කටුනායක සිට කල්මුනේ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් තලකිරියාගම ප්‍රදේශයේ තේ පානය සඳහා අපනශලාවක් අසල නවතා තිබෙනවා.
අනතුරුව නැවත ගමන් ආරම්භ කිරීමට බස් රථය පසුපසට ගන්නා අවස්ථාවේදී එහි ඉදිරිපස පා පුවරුවේ සිටි තරුණයා බස් රථයට සහ ගසකට සිරවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ තරුණයා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.