කහටගස්දිගිලිය බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු අද (30) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
දෙමටවැව සිට පැමිණි බස් රථයකින් බැස බසය ඉදිරියෙන් ගමන් කිරීමට යාමේදී එම බස් රථයට යට වීමෙනුයි මෙලෙස ඔහු අනතුරට ලක්ව ඇත්තේ.
මිය ගොස් ඇත්තේ දෙමටවැව – ඕලූවැව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක්.
