Gossips

බස් – ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙකු මරුට

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිවී මාර්ගයේ පෙරළී ගොස්, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයෙහි ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අවුරුදු 37 සහ 40 යන වයස්වල පසුවන ඩයගම සහ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.