Gossips

බස් ගාස්තු 12.5කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

සියයට 12.5කින් බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අද (22) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමින්.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නංවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මීට පෙර ප්‍රකාශ කළා.