Gossips

බස් ගාස්තු සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නවා – නි. ඇමති

බස් සංගම් ඉල්ලා සිටින පරිදි ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි ද යන්න පිළිබදව ඉදිරියේදී තීරණයක් ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (14) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියයට 4ක බස් ගාස්තුවක් පමණක් ලබාදීමේ හැකියාවක් පවතින බවයි.