මිල සූත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල වෙනස්වීමක් තුළ බස් ගාස්තු සංශෝධනයකට යාමේදී සිදුවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් අවශ්‍ය වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.
