Gossips

බස් ගාස්තු සංශෝධනයක් ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව අතර සාකච්ඡාවක් අද (05) පැවත්වෙනවා.
උදෑසන 10 ට පැවත්වෙන මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව දුරකථනයෙන් දැනුම් දුන් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී බස් සංගම් ප්‍රකාශ කළේ.
පසුගියදා සිදුකළ ඉන්ධන තෙල් මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩුකෙරුණා.
ඒ, අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බවටයි සමාජයේ කතාබහක ඇති වුණේ.