Gossips

බස් ගාස්තු වැඩිවීම අද මධ්‍යම රාත්‍රියේ සිට

සියයට 4 කින් ඉහළ දැමූ බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
බස් සංගම් නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරු මෙලෙස සියයට 4 කින් බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කළා.
කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන අතර, අධිවේගී මාර්ගවල සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවන්හි ගාස්තුවලද වෙනසක් සිදු නොවන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටියේ.
ඒ අනුව රුපියල් 12 හේ අවම ගාස්තුව සහ රුපියල් 15 ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැහැ.
රුපියල් 19 ගාස්තුව රුපියල් විස්සක් වන අතර, රුපියල් 24 ගාස්තුව රුපියල් 25 ක් දක්වා ඉහළ යනු ඇති.
රුපියල් 28 ගාස්තුව රුපියල් 30 ක් දක්වා වැඩිවනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රෝහණ චන්ද්‍රසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමන මණ්ඩලයේ බස් රථවලද මෙම සියයට හතරේ බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක බවයි.