Gossips

බස් ගාස්තු ගැන තීරණාත්මක හමුවක් – ගැමුණු, මංගලට ලියයි

වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව සියයට 10ක ගාස්තු වැඩිවීමක් අනිවාර්යයෙන් ලබාදිය යුතු බවට අද පෙරවරුවේ රැස්වූ බස් සංගම් තීරණය කර තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අවධානයට ලක්ව ඇත්තේ අවම ගාස්තුව රුපියල් 12 සිට 15ක් දක්වා වැඩි කළ යුතු බවටයි.
කෙසේ වෙතත්, බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු වී තිබෙනවා.
එම කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ මේ වන විට ප්‍රවාහන අමාත්‍යවරයා විදෙස්ගතව ඇති බැවින් ඔහුගේ නිර්දේශ නොමැතිව බස් සංගම් සමඟ සාකච්ඡා කළ නොහැකි බවයි.
මේ අතර, අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පවසන්නේ හෙට දිනය තුළ ගාස්තු වැඩිවීම පිළිබදව අවසන් තීන්දුවක් අපේක්ෂාවෙන් සිටින බවයි.
කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ මේ මොහොතේ අවශ්‍ය වන්නේ ගාස්තු වැඩිවීමක් නොව මිල සූත්‍රයක් බවයි.
ඒ පිළිබදව සදහන් කරමින් අද මුදල් අමාත්‍ය මංගල සමරවීරට ලිපියක් යොමු කරන බව ද ඔහු කියා සිටියා.