Gossips

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් බස් සංගම් මත දෙකක

ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසනවා.
එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සංගමයේ සියළු නියෝජිතයින් අද (01) දිනයේ කොළඹට කැදවා ඇති බවයි.
කෙසේ වෙතත්, පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අමතර කොටස්වල මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු අඩු කිරීමක් සිදුකිරීමට නොහැකි බවයි.