12.5% කින් බස් ගාස්තු සංශෝධනය කිරීම තුළින් තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව මගී ජනතාව පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ගාස්තු ඉහළ ගියද බස් සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු රැසක් පවතින බවයි.
මේ අතර, අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ 12.5% කින් බස් ගාස්තු සංශෝධනය වීම බස් කර්මාන්තයේ මළගමට හේතුවන බවයි.