Gossips

බස් එකේ හෙරොයින් ඇද්ද කොන්දොස්තර පොලිස් දැලේ

කොළඹ සිට බණ්ඩාරවෙල සහ වැලිමඩ ප්‍රදේශවලට හෙරොයින් ප්‍රවාහනය කළ බස් කොන්දොස්තරවරයෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අද (17) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකරු කොළඹ – වැලිමඩ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන අතර තුරයි මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ.
පොලිස් උපාය ධූතයින් යොදවා සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර බෝලයක් ලෙස සකසා විකිණීමට සුදානම්කර තිබූ හෙරොයින් පැකට් 100ක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
සැකකාර කොන්දොස්තරවරයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි පොලිසිය පවසන්නේ.
සැකකරු බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුට බලංගොඩ ප්‍රදේශයේ නිවාස සහ දේපල රැසක් ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (18) දිනයේදී බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයහමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.