Gossips

බස්වලින් කප්පම් ගැනීමේ තවත් තොරතුරු හෙළිවෙයි

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කළේ පුත්තලම නගරය හරහා ගමනාන්ත වැටි ඇති දුර ගමන් සේවා බස් රථ නගරය පසුකර යාමේදී පුත්තලම නගර සභාවේ සේවකයින් යැයි කියාගන්නා පිරිසක් විසින් රුපියල් 100 ක නැවතීමේ ගාස්තුවක් නීති විරෝධී ලෙස අයකරනා ආකාරයයි.
ජනතාව චෝදනා කලේ මේ හේතුවෙන් දුර ගමන් බස් රථ නගර මධ්‍යයේ නතර නොකොර වෙනත් තැන්වලින් මගීන් බැස්සවීමට කටයුතු කරන බවයි.
ඒ හරහා තමන් දැඩි අපහසුතාවට පත්වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.
හිරු සී.අයි.ඒ. කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ ලංගම බස් රථවලින් ද මෙම නීති විරෝධී මුදල් අයකිරීම් සිදුකරනා බවයි.