Gossips

බස්නාහිර සහ දකුණු පළාත්වල විශේෂ මෙහෙයුමකින් 30 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී විවිධ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වසර ආරම්භයේ සිට අප්‍රේල් මස 17 වැනිදා දක්වා යන කාලය තුළ අදාළ මෙහෙයුම් සිදුකර ඇති බවයි.
එහිදී අත්බෝම්බ 05 ක්, ටී-56 ගිනි අවි දෙකක්, ඒ සඳහා භාවිත කරන උණ්ඩ 150 ක්, පිස්තෝල හා රිවෝල්වර් උණ්ඩ 385 ක් සොයාගෙන තිබෙනවා.
මීට අමතරව කඩු, පතොරම් තුවක්කු සහ මත්ද්‍රව්‍යද මෙම විශේෂ මෙහෙයුම්වලදී සොයාගත් බවයි පොලිසිය කියා සිටියේ.