Gossips

බස්නාහිර සහ උතුර පළාත්වලට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම්

පවතින වියළි කාලගුණය හේතුවෙන් බස්නාහිර සහ උතුර පළාත්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි වාර්තා පෙන්වා දෙන්නේ වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව තුන්ලක්ෂ 21,185 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයට ද අද (07) පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.