ලංකා ගුරු සේවා සංගමය අද පෙරවරුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් සිදු කළා.
ඒ චක්‍රලේඛ උල්ලංඝණය වන අයුරින් ලබන වසර සදහා සිසුන් ජනප්‍රිය පාසල් සදහා ඇතුළත් කිරිම සදහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන බළධාරින්ට උපදෙස් ලබා දී ඇති බව පවසමින්.
ලංකා ගුරු සේවා සංගමය එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පළමු වසරට සිසුන් ඇතුළත් කිරිමේ චක්‍රලේඛය හේතුවෙන් අසාධාරණයට ලක්වන තම පළාතේ දරුවන් වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරිමට සිදු ඇත්තේ තමන්ට බවයි.
මේ අතර, ඉදිරි මිාස 6 තුළ තම පාක්ෂිකයන්ට පමණක් රැකියා ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක පසුගිය 17 වනදා සිදු කල ප්‍රකාශයට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය අද විරෝධය පළ කළා.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ කැදවුම්කරු පුජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් කියා සිටියේ එවැන්නක් ක්‍රියාත්මක වුවහොත් ඊට එරෙහිව අරගල කිරිමට සුදානම් බවයි.