බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යටතේ පවතින මුදල් හා ක්‍රම සම්පාදන, ඇතුලූ අමාත්‍යාංශ සදහා ලබන වසරට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත අද වැඩි ඡන්ද 11 කින් සම්මත වුණා.
යෝජනාවට පක්ෂව ඡන්ද 53 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 42 ක් පමණයි.
මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අද දිනයේ සභාව වෙත පැමිණ නොසිටි අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අනුරාධ විමලරත්න සහ ශ්‍රීනාත් පෙරේරා යන මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.
ආණ්ඩු පක්ෂයේ සිට පසුගියදා විපක්ෂයේ අසුන්ගත් නවුසර් ෆවුසි සහ කීර්ති කාරියවසම් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබෙනවා.
කෙසේ වෙතත් බස්නාහිර පළාත් සභාවේ අද පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම්ගේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.
