Gossips

බස්නාහිර මන්ත්‍රීගේ රථයේ ගැටුණු තරුණයන් දෙදෙනාට බරපතලයි

පානදුර – මහබෙල්ලන ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ පැදවූ මෝටර් රථයේ යතුරුපැදියක ගැටී තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් පළාත් සභා මන්ත්‍රීවරයා ද තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මෝටර් රථය, බණ්ඩාරගම සිට පානදුර දෙසට ගමන් කරන අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදිය එහි ගැටී තිබෙනවා.
අනතුරින් මෙලෙස තුවාල ලබා ඇත්තේ 19 සහ 21 යන වයස්වල පසුවන හොරණ – පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු වන අතර, අනතුරින් යතුරුපැදිය දෙකට වෙන් වී ඇති බව පොලීසිය සදහන් කළා.