Gossips

බස්නාහිර බස්වලට අද සිට සතියක් විශේෂ චාරිකා තහනම්

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන කටයුතුවල නිරත නිත්‍ය බලපත්‍රලාභී පෞද්ගලික බස් රථ සඳහා අද (01) සිට ලබන 8 වන දා දක්වා බස් රථ විධිමත් කිරීමේ විශේෂ ආදර්ශ සතියක් ක්‍රියාත්මකයි.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අද සිට ලබන 8 වන දා අදාල බස් රථවලට විශේෂ චාරිකා තහනම් කර ඇති බවයි.
මෙම ක්‍රියාපටිපාටියට අනුව කටයුතු නොකරන්නේ නම් එවැනි බස් රථවල ගමන් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්ගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ තම සංගමයටද ඊට අදාළ ලිපියක් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් දේශපාලන අරමුණකින් යුතුව මෙම කටයුතු කරන්නේ එවැනි කාරණාවලට තම සංගමය එකඟ නොවන බවද සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළා.