Gossips

බස්නාහිර පෞද්ගලික බස් 1 වන දා සිට නිල් වෙයි

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අප්‍රේල් 1 වන දා සිට බලාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහනය අධිකාරියේ සභාපති තුසිත කුලරත්න ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ දැනට වෙනත් වර්ණයන් සහිත බස් රථවල අප්‍රේල් 1 වන දා සිට මාස දෙකක කාලයක් ලබාදෙන බවයි.
බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිතා කර බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන කටයුතුවල නිරතවන්නේ නම් අදාළ බස් රථයේ බලපත්‍රය අහෝසි කරන බව ඔහු කියා සිටියා.
මේ අතර, දැනට කටුනායක අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක ඊ.ටී.සී. හෙවත් විද්‍යුත් ගෙවීම් ක්‍රමය අනෙකුත් අධිවේගී මාර්ගවල ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව අධිවේගී මාර්ග මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක කියා සිටියා.