Gossips

බස්නාහිර පුටු වාර්තාව ආණ්ඩුකාරවරයාට

බස්නාහිර පළාත් සභා සඳහා රුපියල් හය ලක්ෂ 40 000ක් වටිනා මුදලක් ගෙවා ගෙන්විමට සුදානම්ව වු පුටු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව පළාත් ආණ්ඩුකාරයා වෙත භාර දී තිබෙනවා.
පළාත් සභාවේ නව ගොඩනැගිලි සංකීර්ණයට සඳහා බෙල්ජියමේ පුටු 125 ක් ගෙන්වන බවට පසුගියදා ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර වෙත පැමිණිලි කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි විසින්.
පසුව අදාළ තීරණය අත්හිටුවූ ආණ්ඩුකාරවරයා ඒ සඳහා විමර්ශනයට පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබුවා.
එහි වාර්තාව පළාත් සභාවේ ලේකම් ප්‍රදීප් යසරත්න වෙත භාරදෙනු ලැබුවේ ඊයේ දිනයේදීයි.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී පළාත් සභාවේ ලේකම් ප්‍රදීප් යසරත්න කියා සිටියේ අදාළ වර්තාව මේවන විට ආණ්ඩුකාරවරයා වෙත භාරදී ඇති බවයි.
බෙල්ජියමෙන් ආනයනය කරන රුපියල් හය ලක්ෂ 40 000 වටිනා පුටුවෙහි නිෂ්පාදිත පිරිවැය රුපියල් දෙලක්ෂ 90 000 ක් වන අතර, එය මෙරටට ගෙන්විමේදී රුපියල් එක් ලක්ෂ 97 000 ක් බද්දක් ඇතුලත් වන වනවා.