Gossips

බස්නාහිර ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුට වසර 5 ක සිර දඬුවම්

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුට බරපතල වැඩ සහිත අවුරුදු 5 ක සිරදඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා.
ඒ, 2015 වසරේ පෞද්ගලික බස් රථයකට ධාවන බලපත්‍රයක් නිකුත් කිරීමේදී රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත් බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කළ නඩුවක තීන්දුව ලබාදෙමින්.
විනිසුරුවරයා එහිදී විත්තිකරුට වසර 40 ක සිරදඩුවමක් වසර 5 කින් ගෙවී යන ලෙස නියම කළා.
ඊට අමතරව, අල්ලස් ලෙස ලබා ගත් රුපියල් දස දහසක මුදල සහ බස් රථයේ හිමිකරුට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට ද මෙහිදී නියෝග කෙරුණා.