Gossips

බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ වල අයවැය ඡන්ද විමසීම අද

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යටතේ පවතින මුදල් හා ක්‍රම සම්පාදන, ඇතුලු අමාත්‍යාංශ සඳහා ඉදිරිපත් කළ ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.
ඒ පිළිබඳ විවාදය මේ වනවිට ආරම්භ කළ අතර, පස්වරු 3 ට ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇති.
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ නවුසර් ෆවුසි සහ කීර්ති කාරියවසම් ඊයේ දිනයේ විපක්ෂයට එක්වුණා.
මේ හේතුවෙන් සභාවේ අසුන් පැනවීම පිළිබඳව ගැටලුවක් මතුවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුකර ඉදිරි කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
මන්ත්‍රීවරු 104 කින් යුත් බස්නාහිර පළාත් සභාවේ පාලන බලය හිමිව ඇත්තේ මන්ත්‍රී ධුර 58 ක් හිමිව ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි.
එහි විපක්ෂයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 46 ක්.