Gossips

බස්නාහිර පළාත තුළ විදුලි බස් සේවාවක්

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේදී විදුලියෙන් ධාවනය වන බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කැබිනට් අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මාස 3ක් තුළ මෙම බස් රථ සේවය ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී, කාර්මික, ජී.කේ. ආරියරත්න කියා සිටියා.
ඒ අනුව පළමු අදියර යටතේ බස් රථ 9ක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එම බස් රථ සේවාව ආරම්භ වනු ඇති.
මෙම නව බස් රථයක් එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 250ක් පමණ ධාවනය කිරීමට හැකි බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.
ආරෝපණය කිරීමට යොදා ගන්නා උපකරණ, තෝරා ගත් ඩිපෝ කිහිපයක සවි කර බස් රථ සඳහා විදුලි ආරෝපණ සේවාව ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.