Gossips

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වෙයි

ජාතික නිදහස් පෙරමුණෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉවත් වීමට හේතුව දැනට ප්‍රකාශ කළ නොහැති බවත්, ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඊයේ යොමුකළ බවයි.
ඉවත්වීමට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.