Gossips

බස්නාහිර පළාත් සභාව චක්‍රලේඛ වෙනස් කිරීම ගැන පරීක්ෂණයක්

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේදී සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා.
ඒ, ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අදාළ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයේ සංශෝධන සිදුකිරීමට බස්නාහිර පළාත් සභාව කටයුතු කිරීම හේතුවෙන්. මෙම තත්ත්වය නිසා විදුහල්පතිවරුන් සහ දෙමව්පියන් ගැටළු රැසකට මුහුණදී ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබුණා.
එසේම බස්නාහිර පළාත් සභාව අත්තනෝමතිකව සහ නීතිවිරෝධීව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනිව මෙම සංශෝධන සිදුකර ඇති බවට චෝදනා එල්ලවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.