Gossips

බස්නාහිර පළාත් මන්ත්‍රීවරුන්ට පාසල්වල උත්සවවලට සහභාගි වීමට දුන් අවසරය ඉවතට

බස්නාහිර පළාත් සභාව මගින් පාලනය වන කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල්වල පැවැත්වෙන උත්සව සදහා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන ලෙස දන්වා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරුන්ට යොමුකළ ලිපිය අවලංගු කර තිබෙනවා.
අධ්‍යාපන නිලධාරින් දේශපාලන කටයුතුවලට යොදා ගන්නා බවට එල්ල වූ චෝදනා හේතුවෙන් මෙම අවලංගු කිරීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් ලබාදුන් නියෝගයකට අනුවයි.
ඒ අනුව කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එන්. සිල්වා විසින් අදාළ නියෝගය අවලංගු කර විදුහල්පතිවරුන් වෙත යලි ලිපියක් යොමුකර තිබෙනවා.