බස්නාහිර, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව ට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඉදිරියටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට තාවකාලික තද සුළං ද අපේක්ෂා කරන අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
මේ අතර දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මාතර සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට මෙය බලපැවැත්විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.