Gossips

බස්නාහිර ආණ්ඩුකාරවරයා වෙනත් ලොවක ජීවත් වන බවට මහඇමතිගෙන් චෝදනා

ආණ්ඩුකාරවරයාට තනිව කටයුතු කිරීමට බලයක් නොමැති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පසුගියදා මහනුවරදී සිදුකළ ප්‍රකාශයකට ඊයේ කොළඹදී ප්‍රතිචාර දක්වමින්.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර බස්නාහිර පළාත් සභාවේ පුටු ගැටලූව සහ එයාර් ෆ්‍රෙෂ්නර් හෙවත් සුවඳ කරන මැෂින් පිළිබඳව පසුගියදා අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ පුටු ලබාගැනීමට විශාල මුදලක් වැය කිරීමට කර තිබූ සැලසුම තමන් අවලංගු කළ බවයි.
එමෙන්ම, එයාර් ෆ්‍රෙෂ්නර් ලබා ගැනීම සම්බන්ධයෙන්ද පැමිණිල්ලක් ලැබුනහොත් ඒ සම්බන්ධයෙන්ද පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.
කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ ආණ්ඩුකාරවරයා මාධ්‍යයට ප්‍රකාශ සිදුකිරීමට පෙර තමන් සහ අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කළ යුතු බවයි.
එමෙන්ම, ආණ්ඩුකාරවරයා වෙනත් ලොවක ජීවත් වන බවද ඔහු එහිදී සඳහන් කළා.