බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල පවසනවා.
ආණ්ඩුකාරවරයාට එරෙහිව පවතින නීතිමය චෝදනා පදනම් කර ගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරි දින කිහිපය තුළ පළාත් සභාවේ සභාපතිවරයාට භාර දෙන බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති පත්වීමකට පළාත් සභාවට අභියෝග කළ නොහැකි බවයි.
