බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල සුවඳවත් කිරිම සඳහා රුපියල් එක්කෝටි 63 ලක්ෂයක් වැය කරමින් එයාෆ්‍රෙෂ්නර් සවි කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා.
ඔහු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකර ඇති කරුණු පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදීයි.
බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සලෝචන ගමගේ කියා සිටියේ එකක් රුපියල් 18,500 බැගින් වූ එයාෆ්‍රෙෂ්නර් 875ක් සභා ගොඩනැගිල්ල තුළ සවිකර ඇති බවයි.
ඒවා යළි සුවඳවත් කිරිම සඳහා මසකට රුපියල් 3000 මුදලක් වැය වන බව ද ඔහු කියා සිටියා.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
බස්නාහිර පලාත් සභාව පසුගිය කාලයේ විවිධ අවස්ථාවල කතා බහට ලක් වුණා.
එම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සඳහා ගෙන්වීමට නියමිතව තිබූ රුපියල් හය ලක්ෂ 44,000 ක් වටිනා පුටු ටෙන්ඩරය සම්බන්ධයෙන් පසුගියදා විවිධ විවේචන එල්ල වූ අතර පසුව එම ටෙන්ඩරය ආණ්ඩුකාරවරයා විසින් අත්හිටවනු ලැබුවා.
ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 150 ක වැය කර කෝට්ටේ රාජධානි සමය සිහිපත් කිරීම සඳහා බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයේ ඉදිකර තිබූ ප්‍රධාන දොරටුව සම්බන්ධයෙන් ද කතා බහක් ඇති වුණා.
