Gossips

බස්නාහිරට සිදුවන වෙනස

උදෑසන සහ රාත්‍රියේ ශීත කාලගුණයක්
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන සහ රාත්‍රී කාලයේ ශීත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම අද පස්වරු 2 න් පසුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක කියා සිටියේ.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.