Politics Sri Lanka

බසයේ ගිය මගියාට වෙඩි

බසයේ ගිය මගියාට වෙඩි

මාතර සිට අම්පාර බලා ධාවනය වූ ලංගම බස් රථයක ගමන්ගත් අයෙකුට බස් රථයේ පැමිණි පිරිසක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

තංගල්ල අධිකරණයේ නඩුවකට ගොස් පැමිණෙමින් සිටියදී හම්බන්තොට, මිරිජ්ජවිල හන්දිය අසළදී අද (26) දහවල් 12.00ට පමණ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදකරයි.