Gossips

බවුසර්වලින් මුදල් ගරන ජාවාරමක් සංස්ථාවේ

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වල අතරමඟ දී ඉන්ධන කවලම් කරන බවට චෝදනා සිදුකරමින් අත්අඩංගුවට ගන්නා ඉන්ධන බවුසර් මුදල් ලබාගෙන මුදා හැරීමේ ජාවාරමක් තෙල් සංස්ථාව තුළ ක්‍රියාත්මක බව වෘත්තීය සමිති පවසනවා.
ඛනිජ තෙල් සංස්ථාවේ විමර්ශන ඒකකය විසුරුවා හැර ඒ වෙනුවට පත් කළ නව ඒකකය විසින් මෙම වංචාව සිදුකරන බවටයි වෘත්තීය සමිති චෝදනා නගන්නේ.
ඇතැම් ඉන්ධන බවුසර් කොළොන්නාවේ පිහිටි රසායනාගාරය වෙත රැගෙන ගොස් එහි ඉන්ධනවල අඩුපාඩු ඇති බවට පවසමින් මෙම කණ්ඩායම ටැංකි රථ හිමියන්ගෙන් මුදල් ලබා ගන්නා බවටයි චෝදනා එල්ල වන්නේ.
මේ, ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාරගෙන් ද විමසීමක් කළා.
ඔහු ද සදහන් කළේ තම සංගමයට ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.