Gossips

බල මණ්ඩල පිහිටුවීමට පාක්ෂිකයන් සිටිය යුතු බව සුසිල් කියයි

බල මණ්ඩල පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාක්ෂිකයින් සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ආසන බල මණ්ඩල පිහිටුවීමට කටයුතු නොකළ බව පවසමින් සංවිධායක ධුරවලින් ඉවත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාට අමතරව ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී.බී. ඒකනායක, තාරානාත් බස්නායක සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් එලෙස සංවිධායක ධුරවලින් ඉවත් කෙරුණා.
මේ අතර, ඉවත් කළ සංවිධායකවරුන් වෙනුවට නව සංවිධායකවරුන් පත් කිරීම අද (21) සිට සිදුවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ.