Gossips

බල මණ්ඩලයට නොපැමිණි, මහර එජාප පාක්ෂිකයින්ගේ නිවෙස්වලට පහර දෙයි

වර්තමාන අග්‍රාමාත්‍යවරයා සහ ඇමති මණ්ඩලය සිටින්නේ වතුර නටන තුරු හැලියේ සිටින කකුළුවන් මෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
මහර – එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, මෙම ආසන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මහර එක්සත් ජාතික පාක්ෂිකයින් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට කිසියම් පිරිසක් පහර දී අලාභ හානි සිදුකර තිබුණේ ඊට සහභාගිවීම නොවීම මුල් කර ගනිමින්.
පහරදීම සිදුවූ නිවෙස් හිමියන් චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂ මහර ආසන සංවිධායකවරයා වන ප්‍රිශාන්ත ජයකොඩි ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ ගල් ගසා, රතිඤ්ඤා දමා තම නිවෙස්වලට හානි සිදුකළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය පරීක්ෂණ සිදුකරන අතර, පහරකෑමට ලක්වූ නිවෙස් හිමියන් ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද ලබාදී තිබුණා.
මේ අතර, ඉදිරියේදී බොහෝදුරට ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නිකවැරටිය ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමින්.