Gossips

බලාපොරොත්තු බිඳ වැටුණු වීරකැටියේ මල් කැකුළු

වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික පාසල ඉදිරිපිට අද (17) උදෑසන උපවාසයක් ආරම්භ කෙරුණා.
ඒ මෙවර පළමු වසරට ළමුන් 33 දෙනෙකු භාර නොගැනීමට විරෝධය පළ කරමින්.
උපවාසයට එක්වූ දෙමාපියන් තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් දේව කන්නලව්වකද නිරත වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මේ හේතුවෙන් තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන හටගෙන තිබුණා.
අද උපවාසයට එක්වූ දෙමාපියන් පසුගිය 14 වැනිදා ද උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ඒ සඳහා බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවූ බවයි ඔවුන් සඳහන් කළේ.