Gossips

බලාගාර ඉදිකිරීමේ කටයුතු කඩිනමින්

මහජන උපයෝගීතා කොමිසම මගින් දිගුකාලීන ජනන සැලැස්ම අනුමත වීමත් සමඟ විදුලි සැපයුම පූර්ණය කිරීමට අවශ්‍ය බලාගාර ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසමෙන් දිගුකාලීන ජනන සැලැස්මට අනුමැතිය ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන් නව විදුලි බලාගාර ඉදිකිරීම වසරකින් පමණ ප්‍රමාද වී ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.
2020 වර්ෂය වනවිට මෙගාවොට් 370 කට ආසන්න ධාරිතාවක් විදුලි පද්ධතියට එක් කිරීම පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇති බවද ඔහු කියා සිටියා.
මේ අතර මෙගාවොට් 3 ක ධාරිතාවකින් යුත් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් හම්බන්තොට සුළං විදුලි බලාගාරය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම බලාගාරයේ සුළං කුළුණු 5 ක් පවතින අතර, ඉන් 2ක් මේ වනවිටත් අක්‍රියවී තිබෙනවා.