යාපනය – චුන්නාකම් උතුරු ජනනී තාප විදුලි බලාගාරය හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සිදුවූ හානියට රුපියල් මිලියන 20 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද එම බලාගාරය පවත්වාගෙන ගිය නොදර්න් පවර් සමාගමට නියෝග කළා.
ඒ, අදාළ බලාගාරය මගින් බැහැර කරන තෙල් සහ ගී්රස් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ළිං ජලය අපවිත්‍ර වීම තුළින් එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති රවීන්ද්‍ර කාරියවසම් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.
එහිදී ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ යාපනය – චුන්නාකම් උතුරු ජනනී තාප විදුලි බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බවටයි.
ඒ අනුව නියම කළ රුපියල් මිලියන විස්සක වන්දි මුදලින් අගතියට පත් එක් පවුලකට රුපියල් 40,000 ක උපරිමයකට යටත්ව වන්දි ගෙවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එය අධීක්ෂණය කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට නියෝගයක්ද නිකුත් කළා.
එමෙන්ම, පිළිගත් කොන්දේසිවලට යටත්ව යාපනය – චුන්නාකම් උතුරු ජනනී තාප විදුලි බලාගාරය ඉදිරියට පවත්වාගෙන යාමටද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නා.