Gossips

බලහත්කාරයෙන් හෝ අපහාසාත්මකව තමා ඉවත් කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ කියයි

නීත්‍යානුකූල විශ්වාසභංගයකින් තමන් ඉවත් කරන්නේ නම් ඊට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
වීරකැටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ බලහත්කාරයෙන් තමන් සිය ධුරයෙන් ඉවත් කිරීම පහසු නොවනු ඇති බවයි.
එසේම තමාගේ ධුරය වෙනස් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කළා.