Gossips

බලහත්කාරයෙන් පෙම්වතියගේ කොණ්ඩය කැපූ පෙම්වතා

යාපනය, වඩමරච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ පෙම්වතා විසින් ඇයගේ කොණ්ඩය බලහත්කාරයෙන්ම කැපූ බවට වලිකාමම් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වනවා.
ෆේස් බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන ඇති තරුණයා සමඟ පසුව අදාල තරුණිය ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇති බව සඳහන්.
තමන් නිවසේ තනිව සිටින අවස්ථාවක නිවසට පැමිණි පෙම්වතා විසින් බලහත්කාරයෙන්ම තමන්ගේ වරලස කපා දැමූ බව තරුණිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
තරුණිය වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ කොණ්ඩය කපා දැමීමෙන් පසු, මනිපායි ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතාගේ දුරකථනය ද ක්‍රියා විරහිතකර ඇති බවයි.
වලිකාමම් පොලිසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.