Gossips

බලය ලැබුනොත් 2011 ලෝක කුසලානයේ අවසන් තරඟය ගැන පරික්ෂණයක් කරනවා – ඇමති අර්ජුණ

තමාට බලය හිමිවුවහොත් 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳව විශේෂ පරික්ෂණයක් සිදුකරන බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
ඒ, අල් ජසීරා රූපවාහිනී නාළිකාව මගින් ශ්‍රී ලංකාවට එල්ල කර තිබෙන මුදලට තරග පාවාදීමේ සිදුවීමට අදාළව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
අමාත්‍ය අර්ජුන රණතුංග
2011 (ලෝක කුසලාන තරගාවලිය) අවසන් වූ වහාම මම එවක හිටපු අමාත්‍යවරයාටත් දැනුම් දුන්නා. අමාත්‍යවරයාත් ප්‍රබල ප්‍රකාශයක් කළා මෙම තරගය පිලිබඳ තමන් පුදුමයට පත් වන බව. මම හිතන්නේ වැරදුනු තැන තමයි, අයි.සී.සී.ය හෝ වෙනත් කිසිවෙක් මේ පිලිබඳ පරීක්ෂණයක් නොකිරීම.
ප්‍රශ්නය – 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පිලිබඳ පරීක්ෂණයක් කළ යුතුයි කියලා ඔබ තවමත් හිතනවාද ?
පිළිතුර – මට අවස්ථාවක් ලැබුණොත් මම එය සිදු කරනවා. මම මේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා වුණොත් මම එය අනිවාර්යයෙන්ම සිදු කරනවා.
බුකී කරුවන්ට අවශ්‍ය ලෙස තණතීරු වෙනස්කිරීම පිලිබඳ අල් ජසීරා ගවේශනාත්මක වැඩසටහනෙන් හෙළිදරව් කෙරුණු පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පලකළා.
– අමාත්‍ය අර්ජුන රණතුංග
– ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල තණතිලි භාරව ඉන්නවා පුද්ගලයෙක්. ගොඩ්ෆ්‍රි දාබරේ. දැන් ඒ පුද්ගලයා නිදහස්.පොඩි හාල්මැස්සෝ දෙන්නෙක් විතරයි අරන් ඉන්නේ. ලොකු තෝරා නිදහස්. ගොඩ්ෆ්‍රි කියන්නේ තණතිලි ගැන ප්‍රවීණයෙන් නෙමෙයිනේ. එයාව දාලා තියෙන්නේ ඒ ගොල්ලන්ට අවශ්‍ය දේ කරගන්න. අද ඉන්න සභාපතිවරයාගේ හිතවත්ත්ම ගෝලයා. තමන්ගේ මනුස්සයාව බේරලා මේකට සම්බන්ධ තව කෙනෙක්ව බිල්ලට දෙනවා. ක්‍රමවේදයනේ මේක රටේ. මහ හොරු බේරෙනවා. පොඩි වරද කරපු මිනිහාව අහු වෙනවා. ප්‍රධාන පුද්ගලයාගේ ආශිර්වාදය නැතුව ඕක කරන්න බෑනේ. එයා තමයි වගකියන්න ඕන. දැන් මම දන්නේ නැහැ අද ක්‍රිකට් පරිපාලනයේ කවුද වගකියන්නේ කියලා. තරග දිනනකොට සභාපතිතුමාලා ඔක්කොම ක්‍රෙඩිට් එක ගන්නවා. තරඟ පරදිනකොට කවුද ක්‍රීඩකයෝ දුර්වලයි. ක්‍රීඩකයන්ගේ බඩ ගැනයි, දුවන්න බැරි එක ගැනයි. තණතිලිවල භාරකරන ප්‍රධානියාව නිදහස් කරලා. පොඩි මිනිහෙක්ට ඕක තනියම කරන්න බැහැ. අතනින් දෙන උපදෙස් එක්ක තමයි කරන්නේ.ඒකයි මම කිව්වේ මේවගේ ප්‍රශ්න එනකොට මෙව්වා ඩෙප්ත් යන්න ඕන හොයන්න කවුද මෙතන ප්‍රධාන මහා සැකකරු කවුද ඉන්නේ කියලා.අද ඉන්න ඇමතිවරු සූදු කාරයින්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගන්නවා. එතකොට ක්‍රීඩකයොත් පැත්තක, හොද පරිපාලකයොත් පැත්තක. තමන්ට වාසිදායක වන මිනිස්සු ටික ළං කරගෙන තමන් ක්‍රිකට්
ක්‍රීඩාව විනාශ කරනවා.
මේ අතර වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති අර්බුධය සම්බන්ධයෙන් මහා සංඝරත්නයද අදහස් පලකළා
– මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි – අනුනායක-කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව
– නූතනයේ දකින කාරණය තමයි ක්‍රිකට් සම්බන්ධයෙන් අපිට ඇහෙන අපකීර්තිය. ගරුතර මහා සංඝරත්නය හැටියට අපේ ඉල්ලීම තමයි අපේ රටට කීර්තියක් ගෙන දෙන මේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවකට යොමු කරලා මේක රැකගෙන මෙතෙක් අපේ රටේ පැවතිච්ච ඒ කීර්තිය තවදුරටත් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස.